ජනපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට මුදල් බෙදු ව්‍යාපාරිකයා අත්අඩංගුවට...

Sri Lanka Police Sri Lanka Politician Election srilanka election 2024 slpresidentialelection
By Parami Dissanayake Sep 15, 2024 05:54 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් 5000 බැගින් අවට පදිංචි නිවැසියන්ට බෙදාදුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මුතූර් පොලිසිය වාර්තා කර සිටිනවා.

වයස අවුරුදු 26 ක කින්නියා ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

උතුරු ප්‍රංශ මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාවක් පෙරලී 08 දෙනෙකු ජිවිතක්ෂයට...

උතුරු ප්‍රංශ මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාවක් පෙරලී 08 දෙනෙකු ජිවිතක්ෂයට...

ජනාධිපතිවරණය ඉලක්ක ගත කරමින් සැකකරු පෙරිය මුල්ල පාලම අසල පුද්ගලයකුගේ නිවෙසේ මුදල් බෙදාදීමක් සිදුකර බවට මුතූර් පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිවෙසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...

ශ්‍රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...

අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා අවට පදිංචි පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් බෙදාදී ඇත.

එමෙන් ම, එම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඉදිරියේදී දේශපාලනට පිවිසීම අරමුණු කරගෙන ජනාධිපති අපේක්ෂවරයා ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වී ඇත.