මෙරට පැතිරෙන තවත් දරුණු රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්...

Sri Lanka High risk Maleriya wasangathya
By Aruna Oct 14, 2021 05:02 AM GMT
Aruna

Aruna

Report

දොස්තරලාගේ අවධානයෙන් මැලේරියා රෝගය ගිලිහී ගිහින් මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ ලේ සාම්පල පරීක්‍ෂා කිරීම ගෙවුණු වසරේ සිට සිදු නොවීමෙන් මෙරට මැලේරියාව පැතිරයාමේ අවදානමක්හට ගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසුවේ වෛද්‍යවරුන්ගේ අවධානයෙන් මැලේරියා රෝගය ගිලිහී යාම ද රෝගය පැතිරයාමට බලපා තිබෙන බවයි.

මෙම වසරේ ගෙවුණු මාස 09 ට මැලේරියා රෝගීන් 15ක් සොයා ගත් බවත් ගෙවුණු වසරේ (2020) සොයා ගත් රෝගීන් 30 දෙනකුගෙන් 10 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගත් බවත් ඔහු පැවැසීය.

මැලේරියාව පවතින රටවල සිට පැමිණෙන පුද්ගලයන් රුධිර පටල පරීක්‍ෂාවකින් තොරව සමාජ ගත කිරීමෙන් රෝගය පැතිරයාමට ඇති අවස්ථාව ඉහළ ගොස් ඇති බව ද කියයි.

මැලේරියාව පවතින රටවල සිට පැමිණෙන පුද්ගලයන් උණ රෝග ලක්‍ෂණ ඇතිවුවහොත් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගත යුතු බවත් තමන් රැඳී සිටි රට පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළයුතු බවටත් ඉල්ලීමක් කළ අධ්‍යක්‍ෂවරයා උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිර පටල පරීක්‍ෂාවට උපදෙස් ලබා දෙන්නැයි ද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.



දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන..

ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න .


වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.