ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

By Gagana News Feb 25, 2025 05:57 PM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර එම හමුවේදී මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු කරන බව සඳහන් කළේය.

එහිදී පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මාලදිවයින ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳව සිය සතුට පළ තිබෙන බව වාර්තා වේ.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

නීතීඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට වසර 10කට අත්හිටවූ සිරදඬුවම

නීතීඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට වසර 10කට අත්හිටවූ සිරදඬුවම

වැඩි ඡන්ද 109කින් සම්මත වූ අයවැය 2025 දෙවන වර කියවීම

වැඩි ඡන්ද 109කින් සම්මත වූ අයවැය 2025 දෙවන වර කියවීම