තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Easter Attack Sri Lanka Sinhala news
By Shehan Apr 16, 2025 05:51 AM GMT
Shehan

Shehan

Report

2019 පාස්කු ඉරුදින ප්‍රහාරය, තුන්සියයකට අධික පිරිසකට මරු කැඳවමින් සිදුවූ අතර, එළඹෙන 2025 අප්‍රේල් 21 වැනිදා වන විට එයට වසර හයක් සපිරෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය මාර්තු 30 වැනිදා මාතර දෙයියන්දරදී පැවසුවේ, මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිහිපදෙනෙකු 2025 අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බවයි.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

“පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ විධිමත්ව සිදුවෙනවා. අප්‍රේල් 21 වැනිදාට එම ප්‍රහාරයේ සිහිවටනය නැවතත් එළඹෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහයෙන් යුතුව, එදිනට පෙර මෙම ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු පිරිසක් හෙළිදරව් කිරීමට කටයුතු කරමින් සිටිනවා,” යි ඔහු පැවසීය.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය වෙත පැවසුවේ, අප්‍රේල් 21 වැනිදා දක්වා ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නව රජයේ ප්‍රකාශය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවත්ය.

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

මීට පෙර, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජයෙන් සාධාරණයක් ඉටුවන බවක් නොපෙනෙන බවත්, එසේ නොවුවහොත් නව රජයට එරෙහිව පාරට බැසීමට සිදුවන බවත්ය.

මේ අතර, ඇමරිකානු FBI ආයතනය විසින් එරට අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බවයි.  

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

ReeCha