හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවුරුද්දෙන් පසු නව නිවසට....
Gagana news
Former President Maithripala Sirisena
By Subodha
රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති හතරක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බවත් අදාල නිවස අයිතිකරගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
අදාල නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බව ද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
