පාර්ලිමේන්තුව උණුසුම් කළ මෛත‍්‍රී - SF ගැටුම. (VIDEO)
Maithripala Sirisena
Sarath Fonseka
Sri Lanka
Government Of Sri Lanka
Easter Attack Sri Lanka
By Wayomi
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර ඉන්දියාවට පැන ගිය බවත් එහි ටික දවසක් සිට නැවත සිංගප්පූරුවට පැන ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයට එක්වෙමින්.
කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශයට ප්‍රති උත්තර ලබාදෙමින්, හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ඉන්දියාවේ සිටි කාලයේ අනිවාර්යෙන්ම සලේ හමු නොවූ බවත්, එය තමාට 100%ක් විශ්වාස බවත්ය.
ඒ, අනුව මෙම පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම චෝදනා එල්ල කරමින් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වුණා.
එම අවස්ථාව පහතින්,
