ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

Mahindananda Aluthgamage Sri Lanka Politician Nalin Fernando Prison Sinhala news
By Kaushi Jun 02, 2025 09:26 AM GMT
Kaushi

Kaushi

Report

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙපළ මුද්‍රණ කටයුතුවලට යොමු කිරීමට නියමිත බවට තොරතුරු ලැබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර දී බරපතළ වැඩ සහිතව සිරගත වූ එස්එම් චන්ද්‍රසේකර ද බන්ධනාගාර මුද්‍රණ අංශයේ වැඩ කිරීමයි.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මඟින් බරපතළ වැඩ සහිතව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට කඩිනමින් බන්ධනාගාර වැඩ පැවරීමට පියවර ගන්නා බවට ද තොරතුරු ලැබී ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා විසින් සඳහන් කර ඇති ලෙස දඬුවම් ලැබූ සිරකරුවන්ට නිකුත් කරන තිබෙන විශේෂිත ඇඳුම හෙවත් 'ජම්පරය' මේ වන විටත් ලබා දී තිබෙනවා.

ඊට අමතරව ඔවුන් දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ද යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

අඳාළ තීන්දුව ඉකුත් 29 වන දින ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර ඇත.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ඒ 2015 ජනාධිපතිවරණය පැවැත්වුණ වකවානුවේදී නීති විරෝධී ආකාරයට කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීම ඔස්සේ රුපියල් කෝටි පහකට අධික මුදලක් රජයට පාඩු සිදු කිරීමේ චෝදනාව යටතේ බව වාර්තා විය.

ඒ අනුව අධිකරණයෙන් බරපතළ වැඩ ඇතිව වසර 20ක සිර දඬුවමක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමි විය.

තවද එහි දී බරපතළ වැඩ ඇතිව වසර 25ක සිර දඬුවමක් සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට නියම කර තිබෙනවා.

එමෙන්ම මොවුන් දෙදෙනාව බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ රාජකාරි සඳහා යොමු කිරීම මඟින් ඔවුන්ට බන්ධනාගාර නීති රීති මත බරපතළ වැඩ සහිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සිදු වන බව බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවල සඳහන්.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප බරපතළ වැඩ ඇතුව සිර ගත වුවද කප්පාදු වීමකින් තොරව දිගටම ලැබෙන බවට ද වාර්තා ලැබෙනවා.

ඒ දඬුවම් විඳින මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන ලෙසට කිසිදු ආකාරයේ සඳහනක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනතේ නොමැති නිසා බව ද සඳහන්.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ රුපියල් 54,000 වැටුපෙන් රුපියල් 36,000ක මුදලක් ඔහුට හිමි වේ.

ඒ 2/3ක ප්‍රමාණයක් ලෙසයි. එසේ වුවත් මෙවැනි විශ්‍රාම වැටුපක් හිටපු ඇමති නලින්ද ප්‍රනාන්දුගේ මහතාට හිමි නොවේ.

ඒ ඔහුගේ පාර්ලිමේන්තු කාලය වසර පහකට අඩු බැවිනි.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

ReeCha