හිටපු අගමැතිගේ තහනමක් ඉවතට..
Mahinda Rajapaksa
By krishani
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ ගාලුමුවදොර පැවති අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
