අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ගැන සියල්ල එළියට - සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වලා

Report

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

ලද තොරතුරකට අනුව අද (06) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක්? අසත්‍ය පුවත ගැන අමාත්‍යවරයා හෙළි කරයි

ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක්? අසත්‍ය පුවත ගැන අමාත්‍යවරයා හෙළි කරයි

අනතුරුව සිදු කළ විමර්ශනවලදී, ඔහු ඩුබායි හිදී 'මෝදර නිපුන'ගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ 'කෙසෙල්වත්තේ දිනූෂ' යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සාද පවත්වන වීඩියෝ දර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එහිදී ජාවාරම්කරුවන් ඔහුව 'ඩැඩා' යනුවෙන් ආමන්ත්‍රණය කරන බව ද හෙළි වී ඇත.

මීට අමතරව 'ඉබ්බගේවත්තේ සුජී' නමැති ජාවාරම්කරුගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කහඳගම මහතාට මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව දුරකථන සංවාද විමර්ශනවලදී තහවුරු වී තිබේ.

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

කහඳගමගෙන් ලත් තොරතුරු මත නුගේගොඩදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1100ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා තබාගෙන ඇති අතර, රැඳවුම් නියෝග ලබාගැනීමට අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.