අන්තර්ජාලය හරහා නීතිවිරෝධී සූදුවේ නිරත වූ ඉන්දියානුවන් 8ක් අත්අඩංගුවට
තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ලෙස මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ ඉන්දීය ජාතිකයින් අටදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව තලංගම පොලීසිය, අපරාධ වාර්තා කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය සහ පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් එක්ව අදාළ නිවස වටලා මෙම සෝදිසි කිරීම සිදුකර ඇත.
එහිදී වයස අවුරුදු 22ත් 51ත් අතර පසුවන ඉන්දීය ජාතිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ජාවාරම සඳහා යොදාගත් පරිගණක යන්ත්‍ර 06ක් සහ ජංගම දුරකථන 39ක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.