තිස්සට සමුදෙන්න මහින්දත් එයි
මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ දැවැන්තයෙකු මෙන්ම, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (14) අවසන් ගෞරව දැක්වීමට සහභාගි විය.
අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අනිද්දා (16) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව සඳහන්.
ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් අද දිනය පුරා බොරැල්ලේ පිහිටි එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබේ.
කලක් රෝගාතුරව සිට ඔහු කෝට්ටේ, නාවල පාරේ පිහිටි සිය නිවසේ දී ඊයේ (13) අභාවප්‍රාප්ත වනවිට 92 වියේ පසු විය.
ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙ චරිතයක් ලෙස නම් දරා ඇත.