ඉරිදා ටියුෂන් පන්ති තහනම්? - අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Amaraweera Sri Lanka Politician
By Dhananjaya Dec 06, 2023 04:08 PM GMT
Dhananjaya

Dhananjaya

Report

බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදී අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමතිවරයාගෙන් අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කර තිබේ.

මෙය ස්වාමින් වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායකයින්ගේ ද යෝජනාවක් වන බවත් ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

එහිදී අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,

" ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා ලොකු බාධාවක් තියෙනවා මේ ටියුෂන් පන්ති. ඒක තහනම් කරලා දහම් පාසල් පවත්වා ගෙන යන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අධ්‍යාපන ඇමතිතුමාගේ වැය ශීර්ෂයේදීත් මේ ඉල්ලීම කළා. අධ්‍යාපන අමාත්‍යංශයත් ඔබ තුමත් ඒකාබද්ධ වෙලා මේ කාර්ය කරන්න. ස්වාමීන් වහන්සේලා විතරක් නෙමේ අනෙකුත් ආගමික නායකයින්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා. මේ දහම් පාසල කියන එක අත්‍යාවශ්‍යයයි. ඒ කටයුත්ත කරන්න වරුවක කාලයක් ලබා දෙන්න. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා." යනුවෙන් ය.

ReeCha