ජෙලර්ගේ කාර්යාලයටත් ගිනි තියයි - වහාම රැඳවියන් 5ක් රාගම රෝහලට

Report

අද (01) මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ මතුවූ මෙම නොසන්සුන් තත්ත්වයත් සමඟ බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පියවර ගෙන ඇත.

මේ අතර, බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේය.

ජේලර්වරයාගේ කාර්යාලය ගිනි තියයි - විශාල පිපිරීමක් හා වෙඩි හඬ ඇසුණු බව තොරතුරු

ජේලර්වරයාගේ කාර්යාලය ගිනි තියයි - විශාල පිපිරීමක් හා වෙඩි හඬ ඇසුණු බව තොරතුරු

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ මත්ද්‍රවය සම්බන්ධ පිරිසක් හේතුවෙන් මෙම ගැටලුව පැන නැගුනු බවයි. නමුත් ඇතැම් පිරිස් පවසා ඇත්තේ බන්ධනාගාරය තුල ඇති තදබදය හා පීඩනය පිටවන අවස්ථාවක් බවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.