මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇස් උඩ යන තීන්දුවක්..
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩු ගොනුව වසා දැමීම පුදුම සහගත කරුණක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ දින ප්‍රකාශ කරනු ලැබුවා.
කොවිඩ් පරීක්‍ෂණ සිදුකරන ලෙස හා කොරෝනා ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් විසින් සිදු කළ විරෝධතාවයකට වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 11 දෙනකු ඝාතනය කෙරිණි.
මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා මත නඩු පවරන බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබියදී මෙම අධිකරණයේ ඇති නඩු ගොනුව වසා දැමීමට උපදෙස් දී ඇති බව මියගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා හෙළි කළ අවස්ථාවේදී නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳයි මහෙස්ත්‍රාත්වරයා මෙලෙස විමතියට පත්ව ඇත.
එසේම, රැඳවියන්ගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී එලෙස විමතිය පළ කළ මහෙස්ත්‍රාත්වරයා, එම නඩු කටයුත්ත අවසන් නොකර නඩු ගොනුව බහා තැබීමට නියම කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම, මියගිය රැදවියන්ගේ ඥාතීන් සහ රහස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම නඩුව කැඳවා තිබුණේ, මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවට අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන් අතර, සිද්ධියට අදාළව දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන ගිය ගොනුව වසා දැමීමට නීතීපතිවරයා පියවර ගෙන ඇති බවයි.
You May Like This Video