සැකකරුවෙකුට මරු කැඳවූ ජේලර්ලාගේ ගුටි පූජාව

Sri Lanka Police Sri Lanka Prison
By Zara Mar 18, 2025 06:00 PM GMT
Zara

Zara

Report

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය.

පසුගිය 23 වනදා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු හේවාධීර දොන් ගැමුණුජිත් නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පසුගිය 26වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබෙනවා.

එහිදී ඔහු විසින් එම අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

නමුත්, එහි ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා 16 වනදා පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

බොරැල්ල පොලීසියේ විමර්ශන වලදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ද පවසා ඇත්තේ, අදාළ රැඳවියා අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමෙන් පසුව බන්ධානාර නිලධාරීන් දෙදෙනෙකු තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවයි.

මෙම සිද්ධිය සිදුවූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ පරීක්ෂණයට ලක්ව තිබෙනවා.

පිටියේදීම අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් තරුව

පිටියේදීම අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් තරුව

කබලෙන් ලිපට වැටුණු මෝල් කසුන්

කබලෙන් ලිපට වැටුණු මෝල් කසුන්

ReeCha