අනේ පිංසිද්ද වෙයි ඔය අවයවේ වහගෙන ඉන්න. "මැනිකේ මගේ හිතේ" වීඩියෝවෙ සිටි ජනප්‍රිය මදූෂි උකුල පළල් වෙන්න සැත්කමක් කරලා? මදූශිගෙන් සැර කතාවක් (PHOTOS)
මදුෂි සොයිසා කියන්නේ අපේ රටේ සුපිරි ටික ටෝක් තරුවක්. ඇය දැන් ලංකාවේ බොහෝ තරුණයන්ගේ සිහින කුමරියද වී අවසන් මේ දවස්වල බුකියේ බොහෝම කතාබහට ලක්වන චරිතයක් වුනු ඇය . “මැණිකේ මගේ හිතේ” ගීතයේ රූප රචනාව තුළින් ජනප්රියත්වයටමත වූ පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ බොහෝම අඩුවෙන්.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත්, ඇය ගැන කිසිම සඳහනක්, තොරතුරක් දැකගන්න ලැබුණේ නෑ.
මේ අතරතුර තමයි ඇය surgery එකක් මඟින් ඇගේ උකුල, කලවා වෙනස් කරගෙන ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණේ. මෙහි ඇත්ත නැත්ත මොකක් වුණත් ගොඩක් දෙනෙක් ඒ කතාව විශ්වාස කළා.ඒ කිසිම කතන්දරයකට පිළිතුරු නොදුන් නමුත් මධුෂි ඇගේ මුහුණු පොතේ, ඇගේම ඡායාරූපයක් සමඟ සටහනක් පළ කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ සටහනකියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්,එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක් නම්,කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්,පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක් නම්,එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්,කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක් ගැන නම්,පනින්න හදන්නේ අනුන්ගේ ප්‍රශ්නෙකට නම්හරි,ළඟ ඉන්නෙ කිසිම දෙයක් කිව්වට තේරුම් ගන්නෙ නැති, තේරුම් ගන්න බැරි රට පඬියෝ රැළක් නම්අනේ පිංසිද්ද වෙයි,කරුණාකරලා කියන්න හදපු දේ ගිලලා ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.
මේ ලෝකෙ වැඩිම අපරාධ තොගයක්, වැඩිම ප්‍රශ්න ගොඩක්, වැඩිම සිත් රිදීම් ප්‍රමාණයක් ඇතිවෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි “කටවල් “හින්දා.ඉස්සරනම් කිව්වේ ගෑනුන්ගේ කටවල් හින්දා කියලා, හැබැයි දැන්නම් සමහර පිරිමින්ගේ කටවල් ගෑණුන්ට හපන්,තාම වචන පිටකරනවට tax ගහන්න ගැසට් ගහලා නැති හින්ද ද මන්දා උදේ ඉඳලා රෑ වෙනකම් දන්න නොදන්න, අවශ්‍ය අනවශ්‍ය, හැම මංගල්ලෙටම කට ඇරගෙන දඟලන එකෙන් වෙන්නෙ, තමනුත් නැතිවෙලා අනිත් මිනිහත් කැත වෙන එක විතරයි.වාචාල මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න මුඛරි මිනිස්සු නිහඬ වෙනවා,එතකොට ඉතින් අර වාචාල සෙට් එක ඒ කටවල් වලින් ගෙවලුත් ගිනිතියල ගමත් ගිණිතියලා රටත් ගිණි තියලා තමයි පස්ස බලන්නේ.
මේ ලෝකෙ ලේසියෙන්ම ලස්සන කරන්න පුළුවන් එකම අවයවයත්, තත්පරෙන් චොර කරලා කැත කරලා ලේසියෙන්ම ගිණි තියන්න පුළුවන් එකම අවයවයත් ඔය නහයට පහලින් තියන “කටවල් “ම තමයි.අන්න ඒ නිසා අරින්න කලින්, අරමුණ හොඳ දෙයක්ද, නරක දෙයක්ද කියලා ආයෙත් සැරයක් හිතලා ඊට පස්සේ අරින්න. (කට )අනිත් හැමවෙලේම පුළුවන්තරම් ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.ඒක ලොකු උදව්වක්.සමහරක් කටවල් වැහිලම තිබ්බනම් අද අපේ රටවල් වලට උනත් මේ තරම් කරදර නැහැ.
ලබන අවුරුද්දේ ඉඳන් වත්,පුළුවන් තරම් කට වහන් ඉන්න බලන්න,රටට සේවය කරන්න මහ ලොකු දේවල්ම කරන්න ඕනෙ නැහැ, තමන්ගෙ කට පරිස්සම් කර ගත්තම ඇති.ඇත්තටම ඒක ඔයා හිතනවට වඩා ලොකු සමාජ සේවයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |