මම අසම්මත ප්‍රේමයක පැටළුණු කෙනෙක්-සුරූපී චිත්‍රපට නිලි මධුශානි වික්‍රමසිංහ (PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රයට එකතුවුණු දක්ෂ සුරූපී වගේම නවක රංගන ශිල්පිනියක් තමයි මධුශානි වික්‍රමසිංහ කියලා කියන්නේ.
ඉතින් මේ මස 18 වැනිදා එනම් අද දින සිට තිරගතවීමට නියමිත එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වූ මොනාලිසා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන රංගන ශිල්පිනිය වන්නේද ඇයයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇයගේ හතරවැනි චිත්‍රපටයලු මොනාලිසා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයට මොනාලිසා චිත්‍රපටය සඳහා අවස්ථාව ලැබිලා තියෙන්නේ සරසවිය පත්තරේ ගිය ආටිකල් එකක් නිසාලු. ඉතින් ඒ ඔස්සේ තමයි එරංග සේනාරත්න අධ්‍යක්ෂවරයා ඇයව දැකලා මේ සිනමාපටයට කතාකරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මොනාලිසා චිත්‍රපටයේ ඇයගේ චරිතයේ නම තමයි කල්පනා.
අසම්මත ප්‍රේමයක පැටළුණු කෙනෙක්ගේ චරිතයක්ලු ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම සමාජයේ පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් කියලා වැඩිදුර හඳුන්වා දෙන්න පුළුවන් කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම සිනමා පමණක් නෙවෙයි, වේදිකා නිර්මාණවලටත් දායක වන්න ඇයගේ වැඩි කැමැත්තක් තියෙනවාලු. ඉතින් ඒ වගේම මේ දවස් වල ඇය සරත් කොතලාවලගේ පාරාවෝ සටන් වදී වේදිකා නාට්‍යයේත් ඇය රඟපානවාලු.
ඒ වගේම ටෙලි නාට්‍යවලට අකමැත්තක් හෝ රඟනොපානවා කියන මතයක ඇය නැහැලු. ඇයට රඟපාන්න දෙයක් තියෙන චරිතයක් ටෙලි නාට්‍ය තුළින් ඇයට ලැබුණේ නැහැ කියලත් ඇය පවසනවා. නමුත් ටෙලි නාට්‍යවලට ආරාධනා නිතරම වගේ එනවාලු. නමුත් ඇයට එහෙම දැනෙන චරිතයක් ලැබුණේ නැති හින්දාලු ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තෙ. ඉතින් ඒ නිසාම සිනමා නිළියක් විදිහට ඇයව හඳුන්වලා දෙනවා නම් තමයිලු ඇය කැමති. කොහොම නමුත් දෙදහස් දහහත වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා පාඨමාලාවක් ඇය හදාරලා තියනවා.
ඉතින් එතැනින් ලැබුණු අවස්ථා ඔස්සේ තමයි ඇය රඟපාන්න පිවිසෙන්නේ. ඉතින් ඒ වගේම ඇය තවම පෙම්වතියක් නෙමෙයිලු. ඇය ආදරේ පිළිබඳව නිදහස්ව සිතන කෙනෙක්ලු. ඉතින් ඒ වගේම ඇත්තටම ඇයට විවාහ යෝජනා නම් නිතරම එනවාලු. හැබැයි ඇය ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහ කරගන්නවා හෝ නොගන්නවා කියලා මතයක නැහැලු. නමුත් කුමන ක්ෂේත්‍රයේ හෝ වේවා ඒ අය සාමාන්‍ය ජීවිතය තුළ මොනවගේ චරිතයක්ද කියලා ඇය හොයලා බලලා ගැළපෙන හොඳ කෙනෙක් නම් විවාහ වෙනවා කියලයි ඇය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |