"කන්න දුන්න බත් ඇටයක් ගානේ... අත් අල්ලන් ගිය පියවරක් ගානේ..."පෙර බිරිඳගේ උපන්දිනයදා මධුමාධව අරවින්ද දැන් බිරිඳ සමඟ එකතු වී යැවූ උපන්දින සුභ පැතුම..(PHOTOS)
රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම දේශපාලනඥයෙක් විදිහටත් හැමෝම හොඳින් දන්න හඳුනන කෙනෙක් තමයි මධුමාධව අරවින්ද කියලා කියන්නේ.’ මුහුද හඬන වෙලාවේ’, ‘ලඹ සවන් රන් පතින්’ වැනි ගීතයන් හරහා බොහෝ විට ඔහු සමාජය තුළ ගායකයෙක් විදිහට තමන්ගේ චරිතය ගොඩනගා ගැනීමත් සිද්ධ වුණා.
කොහොම නමුත් දේශපාලනඥයෙකු බවට පත්වුණාට පස්සේ ඔහුගේ කලා කටයුතු කෙමෙන් කෙමෙන් අඩපණ වුණාදෝ කියලත් සැකයක් තිබෙනවා. එයට හේතුව බවට පත්වෙන්නේ ඔහු දේශපාලනයට පිවිසීමත් එක්ක කලා කටයුතු සඳහා වැඩිපුර දායකත්වයක් ලබා නොදීම. කොහොම නමුත් ඔහු නියැලුණු කලා කටයුතු තවමත් ප්‍රේක්ෂක ජනතාව බොහොම ආදරයෙන් වැලඳගන්න නිර්මාණ බවට පත්වුණා.
කෙසේ වෙතත් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඔහුගේ ප්‍රේක්ෂක ජනතාවට කතාබහ කරන කලා කරුවෙක් බවත් සඳහන් කරන්නට ඕනේ. ඊට හේතු බවට පත්වෙන්නේ ඔහු නිරන්තරයෙන් ඔහුගේ කවිත්වය ඔස්සේ අපූරු කවි පදමාලා ගොතමින් සමාජ මාධ්ය තුළට අපූරු ඡායාරූප නිකුත් කෙරෙන නිසාවෙන්.
කොහොම නමුත් පසුගිය දවසක ඔහු එලෙස මුහුණුපොතේ ඉදිරිපත් කරලා තිබුණ සටහනකට ප්‍රධාන හේතු කරණා බවට පත්වෙන්නේ ඔහුගේ පැරණි බිරිදගෙ උපන් දිනය වෙනුවෙන් තබල තිබුණු සටහනක්. මධුමාධව අරවින්ද කියලා කියන්නේ තෙවරක්ම විවාහ වුණු කෙනෙක්. මුල්වරට විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟින්.
නමුත් කෙටි කාලයකින් ම ඔවුන්ගේ විවාහය දෙදරා යනවා. ඊට පසුව ඔහු විවාහ වෙන්නේ රෙනුෂා නම් බොහොම සුරූපී තැනැත්තියක් සමගින්. පෙර වගේම කෙටි කාලයකින්ම ඒ විවාහයටත් සමු දෙන මධුමාධව අරවින්ද මේ වෙන විට විවාහ වෙලා තිබෙන්නේ නිලූ සමගින්.
ඉතින් ඔවුන් දෙදෙනා මේ වන විට හරිම අපූරු විදිහට ඔවුන්ගේ යුග දිවිය ගත කරමින් සිටිනවා. එ වගේම ඇයගේ උපන් දිනය වෙනුවෙන් වගේම නොයෙකුත් අවස්ථාවන් වෙනුවෙන් ඔවුන් දෙදෙනාම සම්බන්ධ වෙන ආකාරය මදුමාධවගේ සමාජ මාධ්ය ගිණුම් වලින් අපට දැකගන්නට පුළුවන්. මොකද නිරන්තරයෙන් ඔහු ඒ පිළිබඳ වැඩකටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කරන නිසාවෙන්.
ඉතින් මේ ලෙස ඔහුගේ වර්තමාන බිරිඳ වන නිලූ විසින් ඔහුගේ දෙවන බිරිඳ වෙන රෙනුෂාට ඇයගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරලා තිබුණු ආකාරය දැකගන්නට ලැබුනා. ඉතින් මේ කාරණාව හේතු කරගෙන තමයි මධුමාධව අපූරු සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිනුම වෙත ඉදිරිපත් කරන්නේ.
ඒ සටහන තමයි මේ.
සුභ උපන්දිනයක් රෙනුෂා. ඔබ සිතන හැමදේම ඔබ දකින්නට කැමති හැමදේම ඔබට ලැබේවා. ලස්සන රෙනුෂා. මේ මම යවපු පණිවිඩය නෙවෙයි. අද මගේ නෝනා මගේ කලින් නෝනට යවපු පණිවිඩය. පරණ සම්බන්ධ ගැන බොරු හෑලි කියමින් කාපු බත් ඇටයට ගියපු පාරට ගරහමින්. තම පපුවේ තියෙන කැතකම් පෙන්වන ලෝකයක. සමු දුන්න ඇය ගැනත්. ආදරණීය නිලූ ගැනත්. මට හරි සතුටුයි. එහෙනම් ආදරණීය රෙනුෂා. කන්න දුන්න බත් ඇටයක් ගානේ. අත් අල්ලන් ගිය පියවරක් ගානේ. ජීවිතේ බෙදා ගත්ත සන්තෝසයක් ගානේ.
අපි දරාගත්ත දුකක් ගානේ. කෑගහලා හිනා වුන හිනාවක් ගානේ. අපි වලලපු අපේ කතාව පල්ලා. හදවතින්ම පතනවා නිරෝගී බලාපොරොත්තු ඉටු වන නව වසරක්. මධූ, නිලූ කියලා තමයි ඔහු මේ සටහන ඉදිරිපත් කරලා තිබෙන්නේ. කොහොම නමුත් අද සමාජයේ බොහෝ විට අපට දැකගන්නට ලැබෙන්නේ තමන්ගේ පෙර සම්බන්ධකම් වලට ගරහන සහ ඔවුන්ගේ මුහුණ වත් බලන්නට අකමැති අය.
මදු මාදව අරවින්ද වගේම ඔහුගේ වර්තමාන බිරිඳ වන නිලූත් මධුමාධවගේ පෙර බිරිඳ වන රෙනූශා වෙනුවෙන් මේ විදියට තමයි සුභ උපන්දිනයක් විදියට සඳහන් කරන්නේ. ඉතින් අපිත් සුරූපී රෙනුෂා වෙනුවෙන් ආදරයෙන් සුභ උපන්දිනයක් වේවා කියන ප්‍රර්ථනාවන් එක්ක නිලූටත් මධූටත් සුභ විවාහ දිවියකට ආසිරි එකතු කරනවා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |