ඇඟ හිරිවැටෙන අනතුරෙන් අටකට බරපතලයි..

Accident Latest Headlines
By Sewvandhi Oct 20, 2024 02:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයින් 08 දෙනකු බරපතළ තුවාල තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මඩොල්සිම - පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙන බවයි.

මඩොල්සිම පොලිසිය පවසන්නේ, තුවාල ලැබූ පිරිස මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පිරිසක්. මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයේ නෑදෑ නිවසක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නුවරඑළිය බලා එමින් සිටියදී මෙසේ අනතුරට පත්ව තිබෙන බවයි පොලිසිය සදහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දොලොස් දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල නොලබා බේරි ඇත්තේ හතර දෙනෙකු බව පොලිසිය පැවසුවා.