මට ඕන උනේ ගස් වටේ කැරකි කැරකි ඉන්න හැඩිදැඩි පෙම්වතා නෙවෙයි (PHOTOS)
මාධවී ඇන්තනී කියලා කියලා මේ දවස් වල ජනප්‍රියම කලා ශිල්පිනියක්. ඒ ඇයගේ නවතම ගීතය වූ අපි තමයි අපිව දන්නේ ගීතය නිසයි.
ඇය රංගන ශිල්පිනියක් සහ නිවේදන ශිල්පිනියක් වුවත් ගායන ක්ෂේත්රය ඔස්සේද ඇය ඇගේ හැකියාවන් විදහා දක්වනවා. මුළු රටේම ආදරය දිනාගත් ඇන්තනී කලා පවුලකින් පැවත එන ඇය දෙමව්පියන්ගේ හැකියාව එලෙසින් ම උරුම කර ගත් තැනැත්තියක්. ඒ වගේම ඇයගේ සොයුරන් දෙදෙනාට ද එලෙසින් ම රංගන හැකියාවත් ගායන හැකියාවත් නිවේදන හැකියාවත් පිහිටා තිබීම විශේෂත්වයක්.
ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇය පිළිබඳ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදිහට. “ඇත්තටම මගේ අලුත්ම ගීතයට ලැබුණු ප්‍රතිචාර නම් ඉතාම අනර්ඝයි. මේක භාවනාවක් වගේ. චිත්‍රපටයක් බැලුවා වගේ කියලා කමෙන්ට් එනවා. මේ වෙනකොට මාධවී ඇන්තනී යූටියුබ් නාළිකාව ඔස්සේ ලක්ෂයකට අධික පිරිසක් ගීතය නරඹලා තියෙනවා. එකම එක ඩිස් ලයික් එකක්වත් නැහැ. කවුරුත් මේ ආදරයට විරුද්ධ වෙලා නැහැ
. රසිකයන් ඒ ආදරය තේරුම් ගත්ත එකම හරි වටිනවා. ඒ නිසා තව තවත් ප්‍රේක්ෂකයෝ ගැන ආදරේ හිතෙනවා. අපි සාමාන්‍යයෙන් ගීතයක් කරන විට ඒ ගීතය කිහිප වරක් කියනවනේ. නමුත් මේ ප්‍රේක්ෂක ඔබ අහන්නෙ මම මුලින්ම මේ ගීතයේ තනුව අහපු මොහොතේ කරපු පළමු ගායනය. මම කිව්වා, අපි මේක නැවත වොයිස් නොකර ඉමු. මේ තමයි මගේ ගායනය කියලා. පළමු වතාවට ගී තනුව ඇහෙද්දී මට දැනුණු හැඟීම තමයි ගීතය තුළ තියෙන්නෙ.
සේවියර් කනිෂ්ක ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ආයාසයෙන් රඟපාන කෙනෙක් නෙවෙයි. මට මේකට ඕන වුණේ චිත්‍රපටවල පෙන්වන ගස් වටේ කැරකි කැරකි ඉන්න, හැඩිදැඩි පෙම්වතා නෙවෙයි. කනිෂ්කගේ පෙනුම තියෙන සාමාන්‍ය පෙම්වතෙක් තමයි මේ නිර්මාණයට මට අවශ්‍ය වුණේ. ඒ පෙනුම තියෙන අය තමයි සාමාන්‍ය ජීවිතයේදී පළමු පෙම්වතා විදිහට අපට හමුවන්නේ. කනිෂ්ක හරි රියල්. ඒ රියල් කෑල්ලට මම හරි ආසයි.
ඉදිරියේදී මම මෙතෙක් භාවිත නොකළ මගේ හැකියාවන් කිහිපයක් ඔප් නංවන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි. ඒත් මට චිත්‍ර අඳින්න පුළුවන්. මම කසුන්ගේ කෙටි කතා පොතකට චිත්‍ර ඇන්දා.
ඒ හැකියාවත් වර්ධනය කරගන්න ඕනෙ. ඒවගේම මම සංස්කරණය ඉගෙන ගන්න කැමැතියි.” මේ විදියට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |