මේ ප්‍රදේශයේ ලන්ෂීට් තහනමක්

Report

යාපනය – පේදුරුතුඩුව නගර සභාව 2026 ජනවාරි 01 වැනිදා සිට නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇත.

මෙම තහනම පිළිබඳව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මහතා හෝටල් සහ ආහාර අලෙවිසැල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවේදී නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට

ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට

නගර සභාව වාර්තා කරන පරිදි මෙම තහනම උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ඇති බවයි. ලන්ච් ෂීට් වෙනුවට ආහාර එතීම සඳහා කෙසෙල් කොළ, නෙළුම් කොළ, තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ භාවිතා කිරීමට සහ ආහාර ඇසුරුම් කිරීමට අනුමත ඇලුමිනියම් ෆොයිල් සහ වෙනත් අනුමත බඳුන් භාවිතා කිරීමට උපදෙස් ලබා දී ඇත.

මෙම නව ක්‍රමවේදය නගර සභාවේ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ආහාර සේවා ආරක්ෂා කිරීමේ අරමුණෙන් රැකගෙන යන අතර, නගර සභා සභාපතිවරයාගේ බලතල යටතේ තහනම කඩකරන වෙළෙඳසැල්වල ව්‍යාපාරික බලපත්‍ර අත්හිටුවීමේ පියවරද ගන්නා බව නිල වශයෙන් වාර්තා වේ.

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි