පේරාදෙණිය සරසවියට ආයෙත් විදුලිය

Report

පසුගිය දිනවල සිදුවූ ජල ගැලීම් වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිවල විදුලි පද්ධතියට සිදුවූ හානි යථාවත් කිරිමේ වැඩසටහනක් මෙම දිනවල ක්‍රියාත්මක වෙමින් ඇත.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ පුහුණුව ලද කැලණි සරසවිය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමයේ 44 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊට දායත්වය ලබා දී ඇත.

කැලණි සවිය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ජී.ඩී.කේ සමරනායක පැවසුවේ විශ්වවිද්‍යාල වරම් ලැබීමේ අවස්ථාව නොලැබුණු පිරිසකට ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී විදුලි කාර්මික පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලබා දීමට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම මෙම සත්කාර්යයට දායක වූ බවයි.

මෙම පිරිස දිනක් තුළ විදුලි පරිපථ පරීක්ෂා කර ප්ලග් හා ස්විච් 350 කට ආසන්න ප්‍රමාණයක් යළි ක්‍රියාකාරී තත්ත්වයට පත්කර ඇත. ගංවතුරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය, පශු වෛද්‍ය පීඨය, කෘෂිකර්ම පීඨය, වැඩ දෙපාර්තමේන්තුව,සරසවි මැදුර නේවාසිකාගාරය ඇතුළු ස්ථාන ගණනාවක් ජලයෙන් යටවූ බවත් බැරෑරුම් අවස්ථාවේ කැලණි සවිය ආදි විද්‍යාර්ථීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමය ලබාදුන් සහයෝගය අගය කරන බවත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලලින්ත සමරනායක පවසා ඇත.