හිටපු ඇමති ලොහන් රත් වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

Lohan Ratwatte Sri Lanka Police Investigation Gun Shooting Latest Headlines
By Sewvandhi Oct 20, 2024 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුව තිබේ.

පොලීසිය පවසන්නේ, ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බවයි.

 පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බවයි.

මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.