හෙට රට සම්පූර්ණයෙන් වසා දමයි ? ජනාධිපත් ජාතිය අමතයි?

isolated Corona virus lockdown Covid 19
By Sithumi Aug 19, 2021 05:00 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් ඇති බව වාර්තා පල වෙයි.

ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට සූදානමක් ඇති බවත් රට වසා දමන ආකාරය ගැන එහිදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් සදහන්ය. 

 දැනට දිනපතතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මකය.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ රට වසා දැමීමක් ගැන ආරංචි පැතිරුණද ඒ ගැන නිල වශයෙන් තීන්දුවක් ගෙන නැති බවත් නිල ප්‍රකාශයක් ද කර නැති බවත්ය. 

 හෙට දිනයේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දී නැති බවද ඔහු පැවසීය.