ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවනවා - යුද හමුදාපති

Covid 19 Pandemic situation sri lanka lockdown sri lanka traval.restrictions
By Sithumi May 25, 2021 04:04 PM GMT
Sithumi

Sithumi

Report

සංචරණ සීමා ලිහිල් කළ කාලසීමාවේදි ඇතැම් පුද්ගලයින්ගේ හැසිරීම පිලිබද කණගාටු වන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඇතැම් පුද්ගලයින් සංචරණ සීමා ලිහිල් කිරීමේදි අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් නිසි ලෙස අනුගමනය නොකළ බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ

අද පැවති තත්ත්වය අනුව ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.