පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද භාරගැනීමේ අවසන් දිනය මෙන්න!
පළාත් පාලන මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයැදුම් පත් භාරගැනීම මෙම මස 12 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි එම කොමිසම පවසන්නේ. එසේම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට www.elections.gov.lk පිවිසීමෙන් බාගත කළ හැකියි.
සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වී සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත 2025.03.12 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවත්, එම දිනය නැවත දීර්ඝ නොකරන බවත්, නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා සිටින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
එමෙන්ම තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා.
ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීම සඳහා 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරේ.
- සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල (කච්චේරිවල)
- සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල (අදාළ දිස්ත්‍රික්කයට අයත් නාමලේඛන)
- සියලුම පළාත් පාලන ආයතනවල (එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයට අයත් නාමලේඛන)
- සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නාමලේඛන)
- මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී තිබේ.
ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැදුනුමත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත අංක 4 හි සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පුර්ණ කළ යුතු වෙනවා.
