ඇමතිකම පැත්තක තියලා බිමල්...දණ ගා ගෙන වැඩ
අද (5) දිනට යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාවට නංවන ලද රුක් රෝපණ වැඩසටහන අද ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එකතු වුණා.
එහිදී අමාත්‍යවරයාගේ දෑතින් ද පැළයක් රෝපණය වීම සිදු වී තිබෙනවා.
ඒ අනුව මෙහි දී අඳාළ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම සිදු විය.
එසේම එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමටයි සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය ලැබෙන බව පවසයි.