මෙහෙමත් අම්මෙක්.. දවස් දෙකේ බිලින්දව විකුණන්න ගිහින්...
දින දෙකක් වයසැති බිළිඳෙකු රුපියල් 75,000 කට විකිණීමට තැත් කළ මවකට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (05) නියම කෙරිණි.
පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ තීන්දු කළේය.
එම මුදල නොගෙවන්නේ නම් රුපියල් 20,000 ක දඩයක් ද අධිකරණය නියම කළ අතර, එම මුදල නොගෙවන්නේ නම් අමතර මාස හයක සරල සිර දඬුවමක් ද නියම කෙරුණි.
විමර්ශනවලින් හෙළි වූයේ කාන්තාව සහ ඇගේ සැමියා නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවත්, දරු ප්‍රසූතිය සඳහා තවත් කාන්තාවක් එහි පොළඹවා ගැනීමෙන් පසු අලුත උපන් බිළිඳා විකිණීමට සැලසුම් කළ බවත් ය.
ජාතික ළමා හා කාන්තා කාර්යාංශයේ උපාය දූතියක වූ කාන්තා පොලිස් සැරයන්වරියකට දරුවා විකුණා තිබේ.
මෙම අපරාධය දැඩි කනස්සල්ලට කරුණක් ලෙස විස්තර කළ විනිසුරුවරයා, එවැනි ක්‍රියාවන්ට සුදුසු දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරමින්, සෑම දරුවෙකුටම නීතිමය ආරක්ෂාව සඳහා හිමිකම් ඇති බව ප්‍රකාශ කළේය.
