මදැයි ලෝකෙටම පේන්න හකා නටන්න ගියා...අවසානේ ඇයට අත් වූ ඉරණම(PHOTO)

New Zealand Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Kaushi Jun 05, 2025 04:57 PM GMT
Kaushi

Kaushi

Report

නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී මඕරි මාඕරි හකා නර්තනයක් සිදුකළ නවසීලන්ත මාඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට පාර්ලිමේන්තු තහනමක් පනවා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙම නර්තනය සිදු කර ඇත්තේ යෝජිත නීතියකට විරෝධය පළකිරීම සඳහායි.

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

පහුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේදී විපක්ෂ මන්ත්‍රිනියක් වන හනා-රවුති මයිපි-ක්ලාක් මෙම විරෝධතා හකා නර්තනය සිදුකළ බැවින් ඇයට දවස් 7ක පාර්ලිමේන්තු තහනමක් පනවා ඇති බවට වාර්තා වේ.

එසේම හනා-රවුති මයිපි-ක්ලාක්ගේ දේශපාලන පක්ෂය වන ටෙ-පැටි-මාඕරිහි නායකයින් වන ඩෙබී නගරේවා-පැකර් සහ රවිරි වයිටිටි දෙදෙනාට ද දවස් 21 ට මෙම තහනමක් පනවා ඇති බව සඳහන්.

මෙය නවසීලන්ත මන්ත්‍රීවරයෙකුට නවසීලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් දවස් තුනකට වැඩි තහනමක් පැනවූ ප්‍රථම අවස්ථාව ද වනවා.

පහුගිය දින මෙසේ හනා-රවුති මයිපි-ක්ලාක් විසින් විරෝධතා හකා නර්ථනය සහිතව ගායනය ද සිදු කර ඇත්තේ යෝජිත නීතියෙන් සිය ස්වදේශික අයිතිවාසිකම් ආපසු හරවන බව පවසමින්.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

මෙම අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා ලොව පුරා අවධානයට ද ලක් විය.

එසේ වුවද ඔවුන් මෙම යෝජිත නීතියෙන් පරාජයට පත්ව ඇති බව පවසයි. අඳාළ තහනම ඇයට පැනවීමට හේතුව ඇය හකා ඉදිරිපත් කළ නිසා නොවන බව සඳහන්.

ඊට හේතුව ඇය එය සිදු කරන අතරතුරදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සිය විරුද්ධවාදීන් දෙසට ඇවිද ගෙන යාමයි.

අඳාළ හැසිරීම ඉතා දරුණු, කඩාකප්පල්කාරී මෙන්ම බිය ගැන්වීමේ හැකියාවක් ඇති බවක් තහනම දැමූ නීති කමිටු සභාපතිනිවරයා ප්‍රකාශ කර ඇත.

එසේ වුවත් එම චෝදනාව බැහැර කරමින් ඇය පවසන්නේ තමන් විරුද්ධවාදීන් වෙත ළඟා වූ වෙනත් අවස්ථා උපුටා දක්වමින් මෙම තහනම පනවා තිබෙන බවයි.

තමන් මාඕරි ජාතිකයන් හේතුවෙන් සෙසු පිරිසට වඩා දරුණු ලෙස සලකන බව මෙම වයස අවුරුදු 22 ක් වන මයිපි-ක්ලාක් පවසයි.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

GalleryGalleryGalleryGallery
ReeCha