IPL දිනපු ගමන් විරාත් කෝලි මොකක්ද මේ කළේ... (PHOTO)

Virat Kohli Royal Challengers Bangalore Anushka Sharma IPL 2025 Sinhala news
By Ashfa Jun 05, 2025 04:06 PM GMT
Ashfa

Ashfa

Report

වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

එහිදී එම ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූ විරාත් කොලිවද සියලු දෙනා වට කරමින් සුභ පැතීමට පටන් ගත්තේය.

වසර 18කර පසු ප්‍රථම වරට ලැබුන මේ ජයග්‍රහණයට සම්පුර්ණයෙන්ම සතුටු වීම වෙනුවට සිදු වුයේ වෙනත් දෙයකි.

එක එක ඒවා කාලා වීඩියෝ දාපු ටික්ටොක් තරුවක් මියගිහින්...

එක එක ඒවා කාලා වීඩියෝ දාපු ටික්ටොක් තරුවක් මියගිහින්...

ඔහු සියල්ලන්ගෙන්ම මිදී ප්‍රේක්ෂකාගාරය වෙත බලා සිටියේය. දැඩි දෙගිඩියාවෙන් සහා බලාපොරොත්තු පිරුණු දෑසකින් ඔහු ඒ මේ අත ඇවිද ගියේය.

හදිසියේම ඔහුගේ මුව සිනහවකින් පිරි ගියේය.

ඔහු වේගයෙන් පිරිස පීරමින් දිව ගියේය.

ඒ අන්කවරකු සදහාවත් නොවේ ඔහුගේ ප්‍රිය බිරිද අනුෂ්කා ශර්මා වෙතටය.

ඇය වෙතට දිවගොස් ඇයව බදාගත් ඔහු කුඩා දරුවකු සේ හැඩීමට පටන් ගත්තේය.

ජිවිතයේ ලැබූ විශාල ජයග්‍රහණයකදී මුළු ලොවක්ම ඔහුව බල සිටි අවස්ථාවේ ඔහු සෙව්වේ ඇයව වීම විශේෂත්වයකි.

මොවුන්ගේ බැදීම ගැනත් විරාත්ගේ ආදරය ගැනත් සමාජ ජාලයේ විශාල කතාබහක් ආරම්භ වී ඇත.  

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

GalleryGallery
ReeCha