වසර 100ක් නොනැසී ජීවත්වන “ජීවමාන ෆොසිලය”
අවුරුදු 60ට කළින් වඳ වෙලා ගියා කියලා හිතපු, මිනිස් සම්භවයට හේතු වුණා යැයි හිතපු, “සීලාකාන්ත්” මත්ස්‍යයා ගැන ඔබ අහල තියෙනවද? ගල් යුගයේ ජීවත් වුණා යැයි විශ්වාස කරන “සීලාකාන්ත්” මත්ස්‍යයන් තමයි පසුකාලීනව ගොඩබිම ඇවිදගෙන ගියපු සතුන්ගෙන් අත් පා ලෙස පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් මත පළ කරල තිබුණේ. කොහොම වුණත් වඳ වෙලා ගියා කියලා හිතපු සීලාකාන්ත් මත්ස්‍යයන් නැවතත් හමු වීමත් සමග විද්‍යාලෝකය අලුත් පැත්තකට පෙරලුණා.
ඩයිනෝසරයන් ටත් වඩා කාලයක් ජීවමාන පොසිලයක් ලෙසින් ජීවත් වුන මේ මසුන්ට අවුරුදු සියයකටත් වඩා ජීවත් වෙන්න පුළුවන්. විද්‍යාඥයන් විසින් 1930 දී සොයා සොයා ගන්නා තුරුම ඔවුන් වඳ වී යනු ඇතැයි විශ්වාස කළා. දන්නවද සීලාකාන්ත් මාළුවෙකුට මිනිසෙකු තරම් විශාල වෙලා නිසාචර මාළුවෙක් ඉතා මන්දගාමී වේගයකින් වර්ධනය වෙලා අවුරුදු සීයක් පමණ ජීවත් වෙන්න පුළුවන්.
ඒ වගේම මේ සීලාකාන්ත් ගැහැණු මත්ස්‍යයා අවුරුදු 50 ක් යනතුරු ගැබ් ගැනීමට සුදුසු වන්නේ නැහැ. ඒ වගේම පිරිමි සත්වයා වයස අවුරුදු 40ත් 69 අතර ලිංගික පරිණත භාවයට පත්වෙන බව තමයි පරීක්ෂකයින් හොයාගෙන තියෙන්නේ. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විද්‍යාඥයින් ඔවුන්ගේ කළලයක් අධ්‍යයනය කළා. ඒ අනුව ගැබ් ගැනීමෙන් පස්සේ අඩුම වශයෙන් අවුරුදු පහක්වත් මේ කළලය ඔවුන් තුළ ජීවමානව පවතිනවා.
ඔවුන් සතුව විවිධාකාරයේ වරල් රාශියක් පිහිටලා තියෙනවා. ඒ වගේම සිරුර පුරාම ඉතාමත් දැඩි කොරපොතු වලින් පිරිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් ලෝහ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. ඉතින් ඔවුන්ගේ පරිණාමනයේ මේ වෙනස්වීම් සොයා ගැනීමත් සමඟ ඇත්තටම සීලාකාන්ත් මාළුවෙකු වඳ වෙලා ගිහිල්ලා ද නැති ද කියන කාරණය නැවතත් සැකයක් බවට පත්වෙලා තිබෙනවා.
ඉතින් මේ සොයාගැනීම් සමගින් සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව පැටවුන් බෝ කිරීම ඒ වගේම ජීවත්වන පරිසරය ගැන විශාල අවබෝධයක් ලබාගන්න විද්‍යාඥයින්ට අලූත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා මේ ජීවමාන පොසිලය නැවතත් සාගරය තුළ නිතර දකින්නට ලැබේවි යැයි මහ මුහුදට ආදරය කරන සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා.
You May like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |