ජල ටැංකියක් පුංචි මල් කැකුළක් මරු තුරුලට රැගෙන යයි..

Accident Death
By Aruna Apr 14, 2024 07:00 AM GMT
Aruna

Aruna

Report

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ දී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට පහළට සකස් කර තිබූ ජල කරාමයකින් දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

ජල ටැංකිය දැරියගේ ඇඟ මතට වැටී ඇති අතර පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබෙව බවයි පැවසෙන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 03යි මාස 07ක් වයසැති රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි දැරියක්.

සිරුර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදුකිරීමට නියමිතව ඇත.