ලිට්‍රෝ නව සභාපති පත්වීම් ලබයි..! නව සභාපති මෙන්න..

By Sewvandhi Apr 21, 2022 11:59 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ඒ මහතාය.

ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා ජනපති වෙත යොමුකර තිබුණි.

සිය ප්‍රතිපත්තිමය තීරණයක් මත අප්‍රේල් මස 14 වනදා සිට කියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම ලිපියේ සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now