ගෑස් වලටත් මිල සූත්‍රයක් එයි..

Report

පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

ලෝක වෙළෙදපොළේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමුවද එම වෙළෙදපොළේ මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය. 

       පාරිභෝගිකයන්ට මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මටද අතිශය වැදගත් බැවින් මිලසූත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම වැදගත් බව ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීහු පැවසූහ.