සඳුදා (8) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහලට

Sri Lanka Litro Gas Litro Gas Price
By Sewvandhi Aug 05, 2022 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report
125 Shares

ලබන සඳුදා (8) වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට වඩා වැඩි මුදලකින් අඩු විය හැකි බවටයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මීට පෙර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියාසිටියේ අද දිනයෙන් පසු ගෑස් මිල අඩු කරන බවටයි.

මුදල් අමාත්‍යංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් හඳුන්වා දුන් නව මිල සූත්‍රයට අනුව එම මිල ගණන් සංශෝධනය සිදුවන බවයි සභාපතිවරයා කියාසිටියේ. මේවන විට ප්‍රමාණවත් තරම් ගෑස් තොග සමාගම සතුව පවතින අතර ඔක්තෝම්බර් මාසය දක්වා ගෑස් ඇනවුම් සිදුකර ඇතැයි ද ඔහු හෙළි කළා.

අයහපත් කාලගුණික තත්වයන් මත හෝ වෙනත් ස්වභාවික හේතුවක් මත ගෑස් නෞකාවකට ගෑස් ගොඩ බෑමට නොහැකිව ගැටලුවක් මතු වුවහොත් දිනක් හෝ දෙකක ප්‍රමාදයක් සිදුවිය හැකි බව ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙනවා. 

 එසේ නොමැති නම් අඛණ්ඩව හිගයකින් හෝ පෝලිම්වලින් තොරව ගෑස් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ඔහු අවධාරණය කළේ. ඒ වෙනුවෙන් ගෑස් නෞකා අවශ්‍ය පරිදි ඇනවුම් කර ස්ථිර කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now