වහාම ක්‍රියාත්මක වන පරිදි, සුරාසැල් විවෘත කරන සහ වසන වෙලාවන් වෙනස් වෙයි - ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය මෙතැනින්.. (PHOTOS)

Report

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි, සුරාසැල් විවෘත කරන සහ වසන වෙලාවන් වෙනස් වෙයි - ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය මෙතැනින්.. (PHOTOS) | Liquor Store Opening And Closing Times Vary

මෙම පැනවීම සිදුකර ඇත්තේ, සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ය.

ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත වේ.

එමෙන්ම, පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘත වේ.

ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්,

GalleryGalleryGallery