හිතුමතේ වැඩි කළ මත්පැන් මිල යළි පහළ යයි?...
මත්පැන් මිල හිතුමතේ වැඩිකිරීමට මත්පැන් නිෂ්පාදකයන් පියවරගෙන තිබේ.
එහෙත් ඔවුන් මෙලෙස මත්පැන් මිල වැඩිකර ඇත්තේ රජය හෝ සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීමකින් තොරව බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කීවේ මත්පැන් මිල වැඩිකිරීමට එරෙහිව පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නීතිමය බලයක් නැති බව ය.
එහෙත් රජය විසින් කිසිදු බදු වැඩි කිරීමක් සිදුනොකර තිබියදී මෙලෙස හිතුමතේට මත්පැන් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන විසින් කරුණු විමසා ලිපියක් යොමුකළ බවයි.
මුදල් අමාත්‍යංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් නොකර මෙලෙස මිල වැඩිකිරීම එතරම් සුබදායක තත්ත්වයක් නොවන බව ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන අතර, මත්පැන් නිපදවන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මත්පැන් නිපදවන්නන් විවිධ ගණන්වලින් මිල ඉහළ දමා ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතනවලින් වාර්තාවක් ඉල්ලා ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මෙලෙස හිතු හිතූ මිල ගණන්වලට හිතු හිතූ විට මත්පැන් මිල ඉහළ දැමීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
