මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න
නව මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබෙන බවට වාර්තා වේ.
ඒ පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුවයි. සුරාබදු දෙපාර්තමේන්තුව පවසන පරිදි ඇප බලපත්‍ර ගාස්තු 100%කින් වැඩිකර ඇති බවට වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බලපත්‍රලාභීන් සදහා ආරක්ෂිත ඇප තැන්පතුවක් පැවතීම අනිවාර්යය බවයි.
එමෙන්ම මත්පැන් කර්මාන්තය සදහා ප්‍රවේශවන නව ව්‍යාපාරිකයින් සදහා නව කර්මාන්ත ප්‍රවේශ ගාස්තුවක් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අනුව බොහෝ දෙනෙක් අපේක්ෂා කරනුයේ මත්පැන් බෝතලයක මිලද වැඩි විය හැකි බවයි.