චීනයට ආ මෙසීට නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න වෙයි.
සුපිරි ආර්ජන්ටින්නා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී චීනයට පැමිණි තිබෙනවා.
එහිදී එනම් බීජිං තොටුපොළේ දී චීන පොලිසිය විසින් ඔහුව රඳවා තබා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වීසා ගැටළුවක් සම්බන්ධයෙන් මෙසීව මෙලෙස චීන පොලිසිය විසින් ගුවන් තොටුපොළේ දී රඳවා ඇති බවයි.
ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයක් සඳහා මෙසී මෙලෙස චීනයට පැමිණ ඇති අතර ඔහු වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර නොමැත.
ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත් දෙකක් මෙසී සතුව පවතියි.ඉන් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රය ඔහු චීනයට පැමිණීමට යොදාගෙන ඇත.
වෙතත් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රයකින් චීනයට පැමිණීමට නම් පෙර අයදුම් කළ වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
ඒ හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කෙසේවෙතත්, චීනයට පැමිණි මේ සුපිරි පාපන්දු තරුවට කඩිනමින් චීනයට ඇතුළු වීමට අවශ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇත.