කොවිඩ් ආසාදිත සිංහයාගේ නවතම තත්වය

covid19 isolated lion dehiwala
By Sithumi Jun 22, 2021 10:59 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දිනවල කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි දෙහිවල සත්වෝද්‍යානයේ‘තෝර්‘ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා තිබේ. වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ එන්නත් මේ වන විට සත්ත්ව උද්‍යානයේ සතුන් සඳහා ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් සිංහයාගේ වයස අනුව යම් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සිංහ ධේනුවගේ පීසීආර් පරීක්ෂණය අනුව ආසාදිත නොවන බව තහවුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now