‘‘සත්තුන්ගෙන් මිනිස්සුන්ට කොරෝනාවෛරසය බෝ වෙනවා ද?'' - මහාචාර්ය නීලිකා මලවිගේ

Sri lanka dehiwala corna virus
By Sithumi Jun 19, 2021 12:28 PM GMT
Sithumi

Sithumi

Report

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් මේ වන විට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේනතුවේ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වී තිබීම සම්බ්නධයෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

"සොයා ගත්ත වෛරසය මනුෂ්‍යයාට ආසාදනය කරන වෛරසය ම ද කියන එක අපි තහවුරු කර ගන්න ඕන. ඒ වගේ ම මේ සතාට වෛරසය ශරීරගත වීම කොයි ආකාරයට ද සිද්ධ වුණේ? අපිට ඊළඟට වැදගත් වෙන්නේ මේ හරහා මනුෂ්‍යයින්ට මොන ආකාරයෙන් ද පැතිරෙන්න පුළුවන් ද? ඒ වගේ ම සත්වෝද්‍යානයේ අනෙක් සතුන්ටත් ඒ සත්තු හරහා එහි කාර්ය මණ්ඩලයට කොහොම ද බෝ වෙන්නේ ඒ කාර්ය මණ්ඩලය හරහා එළියට කොහොම ද බෝ වෙන්නේ?

මේ පිළිබඳව හොයල බලල එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය කරන කටයුතු කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා."

මීට අමතරව සිංහයෙකුට කෙරෝනා ආසාදනය වීම තුළින් යම් කිසි පැතිරීමක් ඇති වීමේ භයානක තත්ත්වයක් තිබේද? යනුවෙන් මාධ්‍යෙව්දියෙක් ප්‍රශ්නයක් නැගුවේය. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙසේ පිළිතුරු ලබා දුන්නාය.

"වෙනත් රටවල්වල සිංහයෝ ගෝරිල්ලෝ සහ ඩෙල්මාර්ක්වල මින්ක් අයටත් මේක හැදුණා.

අනෙක් රටවල්වල නම් සිංහයින්ට සහ ගෝරිල්ලන්ට වෛරසය ආසාදනය වෙලා තිබුණේ ඒ සත්වෝද්‍යානය රැක ගන්න පුද්ගලයන්ගෙන් නැතුව සත්තුන්ගෙන් නැවතත් මනුෂ්‍යයන්ට එම වෛරසය බෝවුණා කියල අනෙක් රටවල සාධක තිබුණෙ නැහැ. ලංකාවේ හොයල බලන එක වැදගත්."