කෝටි ගණනක් අපතේ යැවූ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට කරන්න යන දේ.
ජපාන රජයේ ණය ආධාර යටතේ මෙරට භාගෙට ඉදිකර නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා පසුගියදා හෙළි කළා.
කෙසේ වෙතත් කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට පවසා ඇති බව සඳහන්.
ජපන් තානාපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සූදානම් බවත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |