ලිංගික සුළුතර ප්‍රජාවත් යුක්තිය ඉල්ල ජනපති ලේකම් කාරයාලය ඉදිරිපිටට යයි.. (PHOTOS)

By Sithumi Apr 23, 2022 05:26 PM GMT
Sithumi

Sithumi

Report

 අරගලය ප්‍රජාතාන්ත්‍රික විය යුතු තරමටම විවිධ අනන්‍යතා නියෝජනයද සිදු විය යුතු බව ලිංගික සුළුතර ප්‍රජාවගේ අදහස වේ

. බොහෝ අවස්ථාවලදී සිදු වූයේ ලිංගික හා සමාජභාවීය අනන්‍යතාවන් සහිත ප්‍රජාවන් ප්‍රධාන ධාරාවෙන් සහ ප්‍රධාන සාකච්ඡාවෙන් ඉවත්වීම හෝ ඉවත් කිරීම බව ඔවුන් පවසයි. එහෙත් #GoHomeGota2022 අරගලය තුළ LGBTIQ ප්‍රජාවගේ නියෝජනය තිබිය යුතුම වන අතර, එම අරගලය වඩා වඩාත් දේදුණු වර්ණයෙන් ආලෝකවත් විය යුතු බවද ඔවුන් වැඩි දුරටත් පැවසුවේය.

ඒ අනුව ඔවුන් යුක්තිය උදෙසා අරගල පරිශ්‍රය දේදුණු වර්ණයෙන් පූර්ණ කළ අයුරු ඔවුන් වැඩි දුරටත් මෙසේද සදහන් කළේය, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතා විශාල ගැටළු ගණනාවක් පවතී. වර්තමානය වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මානව අයිතිවාසිකම් ඇහිරී යාමේ ඉඩකඩ තව තවත් තීව්‍ර වී ඇති අතර මෙම වටපිටාව තුළ LGBTIQ+ ප්‍රජාව වඩාත් පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනු අපට දක්‌නට හැකිය.

සමාජ තුළ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවක් ලෙස LGBTIQ+ ප්‍රජාව ශ්‍රී ලංකාව තුළ දෛනිකව මුහුණ පාන ගැටළු එමටය. පවතින ආර්ථික දේශපාලනික සාමාජීය තත්ත්වය ප්‍රජාවේ ජීවන තත්ත්වයන් තව දුරටත් අගාධයට ඇද දමා ඇත. මෙවන් පසුබිමක ජන පීඩක පාලනය එලවා දැමීමට එක්‌ රැස් වී ඇති ජනතා විරෝධය සමඟ අපද එක සේ සිට ගත යුතුය.

ඒ එම අවශ්‍යතාව අප ප්‍රජාවටද තදින් දැනෙන හෙයිනි. කට්ටිවාදය පසෙකලා සැමට ජීවත් විය හැකි සමාජයක් බිහිකිරීමේ අභියෝග අප ඉදිරිපිට ඇත. මෙම අරගලය තුළ බිහිවන්නේ එවන් සමාජයකි. එහි කොටස්කරුවන් වෙමින් අරගලය ශක්තිමත් කිරීමේ වගකීම අප සතුව ඇත. ඒ සදහා එක්වෙමු! පෙළගැසෙමු!

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery