රට වසා දමන්නැයි ප්‍රබල තැනකින් ලිපියක්..?

By Sewvandhi Aug 19, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය ස ඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා මල්වතු - අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදුකරනු ලබන සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ ව ද උන්වහන්සේලා සිය ප්‍රශංසාව ජනාධිපතිවරයා ඇතුළු රජයට පිරිනමා ඇත.

එහෙත් කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු - අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති. නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන් ය.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සේඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.

එනිසා මේ අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


  

Gallery