සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කෙරූ අනෝජන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රශංසා

Report

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතාට එරෙහිව සෞදි අරාබි රාජධානියේ පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටියි.

සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල් - අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් තීන්දුවෙන් අනතුරුව මෙම සාධනීය ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වී තිබේ.

ඔබේ ජීවිතයම සරු කරන බඹරේ වැල්ලේ කැරකෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

ඔබේ ජීවිතයම සරු කරන බඹරේ වැල්ලේ කැරකෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

ඒ අනුව, ඔක්තෝබර් 27 වැනිදා පැවති නඩු විභාගයේදී අදාළ නීතිමය ක්‍රියාපටිපාටීන් යටතේ නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කෙරුණු අතර, සිදු කරන ලද විමර්ශන අවසන් වීමෙන් පසු එහි ඉදිරි කටයුතු නවතා නඩුව නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කර ඇත.

මේ සමඟම සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති අතර ඒවා තවදුරටත් බලාත්මක නොවේ. මෙම නඩුව නිල වශයෙන් අවසන් වීම සහ සිවරාසා මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු ඇතුළු නවතම ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (11) අමාත්‍යාංශයේදී සිවරාසා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසුණි.

මෙම ක්‍රියාවලිය පුරා ලබා දුන් සහයෝගීතාව සහ ඵලදායී මැදිහත්වීම සම්බන්ධයෙන් සෞදි අරාබි රාජධානියේ රජයට සහ අදාළ බලධාරීන්ට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි. එමෙන්ම, සෞදි නීති විශේෂඥයන් සමඟ සම්බන්ධීකරණයෙන් නීතිමය සහාය ලබා දීමට රියාද් නුවරට ගොස් කටයුතු කළ ශ්‍රී ලාංකික නීති විශේෂඥයන්ගේ සාමූහික ප්‍රයත්නය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ද අමාත්‍යාංශය දැඩි ලෙස ඇගයීමට ලක් කර තිබේ.

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සෞදි අරාබියේ ස්වෛරීභාවය සහ අධිකරණ ක්‍රියාපටිපාටි වෙත පූර්ණ ගෞරවය දෙමින් අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම සාර්ථකත්වය අත්කර ගෙන ඇති අතර, සිවරාසා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම තහවුරු කර ගැනීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය, අභිමානය සහ යහපත සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස කැපවී සිටින අතර, ඉදිරියටත් සියලුම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හරහා අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය අඛණ්ඩව ලබා දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.