රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද

Report

 අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබේ. අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

තවම රජයෙන් පොහොර සහනාධාරය දීලා නෑ

තවම රජයෙන් පොහොර සහනාධාරය දීලා නෑ

මේ අතර ඉදිරි වසරවල අවුරුදු නැකත් සකස් කිරිමේදී පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ද මහින්ද කුමාර දළුපොත මහතා සඳහන් කළේය. අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත පැමිණීමට අද සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, වැඩි මගී ඉල්ලුමක් පවතින ප්‍රදේශ සඳහා වැඩි වශයෙන් බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවය. මේ අතර හෙට (18) ලබන 21 වන දින දක්වා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ධාවනය වන දුම්රියට අමතරව මෙම දින තුළ විශේෂ දුම්රිය ගමන්වාර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

තවම රජයෙන් පොහොර සහනාධාරය දීලා නෑ

තවම රජයෙන් පොහොර සහනාධාරය දීලා නෑ