කැරොලයින්ගේ අන්තර්ජාල වීඩියෝව ගැන කියන අලුත්ම කතාව මෙන්න.

Gossip
By Thaya Apr 10, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

2020 ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය නුඳුරේදීම මෙරටදී පැවැත්වීමට නියමිත මීළඟ තරගයේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමට අදාළව කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී. ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසන්නේ, අදාළ වීඩියෝවේ සඳහන් වන්නේ , කැරොලයින් ජූරි මහත්මිය තම කිරුළ ඊළඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා විවාහක රූ රැජිණ තරගයේ සිදුවීම මත තම කිරුළ අත්හරින බවට කළ ප්‍රකාශයක් නොවන බවය.