වැළලෙන ධම්මික පැණිය (VIDEO)
පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක් වුණු ධම්මික පැණිය වළ දමන බවට මේ දිනවල සමාජ මාධ්‍යය වීඩියෝවක් පැතිර යනවා.
මෙම ධම්මික පැණිය පසුගියදා සායනික පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් අතිරේක ආහාරයක් ලෙස හෝ භාවිතයට නුසුදුසු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරනු ලැබුවා.
මීට පෙර,කොවිඩ් 19 සඳහා දේශීය ඖෂධයක් බවට ප්‍රකාශ කළ පසුව ආහාර අතිරේකයක් ලෙස ලබාගැනීමට අනුමැතිය ලබාදුන් ‘ධම්මික පැණිය’ නිෂ්පාදනය කිරීම සම්පුර්ණයෙන්ම නැවැත්වීමට ධම්මික වෙදමහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ පිළිබඳව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි මුණසිංහ මහත්මිය දිවයින පුවත්පත වෙත මෙලෙස සදහන් කර තිබුණා.
මෙම ‘ධම්මික පැණිය’ ආහාර අතිරේකයක් ලෙස භාවිතයට ගැනීමට හා නිෂ්පාදනය කිරීමට ලබාදුන් කාලය මේ වන විට අවසන්ව ඇති බවයි ලේකම්වරිය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |