අලුතෙන් ආරම්භ කළ විදුලිබල සමාගම් 4ට සේවකයන් සම්බන්ධ කරගැනීම ආරම්භයි - දැනටමත් ලිපි ලබා දීම ඇරඹේ
බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ලංකා විදුලිබල සංශෝධන පනතට අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බවයි.
ඊට අනුව ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් ලිපි ලබාදීමට කටයුතු කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (22) දින තම කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතාට භාර දී ඇත.
එම ආයතන වන්නේ 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04යි.
ඒ අනුව ඉහත සේවක පිරිස් මෙම ආයතන හතර සදහා සම්බන්ධ කරන අතර බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බව මේ අනුව පෙනෙන බවයි.