ලංකාවේ තත්වය භයානකයි - දිස්ත්‍රික්ක 9ක් අවදානමට - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙන්නේ පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටයි.

ඒ අනුව අදියර දෙක යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රිකයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දන්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

කොළඹ යළි යටවීමේ අවදානමක් - සියලු රාජ්‍ය ආයතන වෙත දැනුවත් කිරීමක්

කොළඹ යළි යටවීමේ අවදානමක් - සියලු රාජ්‍ය ආයතන වෙත දැනුවත් කිරීමක්

මීට අමතරව අදියර එක යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ඇලපාත, ⁠අයගම සහ වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ ⁠කරන්දෙනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කලුතර දිස්ත්‍රික්කයේ ⁠වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ ⁠බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, තුම්පනේ, මිණිපේ සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, ⁠යටියන්තොට, ⁠බුලත්කොහුපිටිය, ⁠මාවනැල්ල, ⁠රුවන්වැල්ල, කෑගල්ල සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදාළ අනතුරු ඇඟවීම බලාත්මක වේ.

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

ජාතික ‌ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ⁠මතුරට, කොත්මලේ බටහිර, ⁠කොත්මලේ නැගෙනහිර සහ ⁠හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠ගොඩකවෙල, කොලොන්න, ⁠බලන්ගොඩ සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවන බවයි.

ලංකාවේ තත්වය භයානකයි - දිස්ත්‍රික්ක 9ක් අවදානමට - ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න | Landslide Warnings Issued For Nine Districts